Aboutceylon Online

තහනම් කළ Wedding, සාද නිවෙස්වලවත් පැවැත්විය නොහැක – දිනෙක වැඩිම ආසාදිතයන් – රෝහල් ඇඳන් පිරෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වසංගත තත්ත්වයන් හේතුවෙන් තහනම් කර ඇති රැස්වීම්, සාද සහ මංගල උත්සව(Wedding) ආදිය නිවාස හෝ වෙනත් ස්ථානවල ද පැවැත්විය නොහැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊට අමතරව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වෙනත් නිවෙස්වලට යාම සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් ද වළකින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

තවත් කොරෝනා ආසාදිතයන් 696 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 1,891කි.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණය මෙයයි.මෙම පිරිස සමඟ මෙරට සමස්ත ආසාදිත ප්‍රමාණය 111,753 දක්වා ඉහළ යයි.

අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වලින් පැවසේ .

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යම පළාතේ රෝහල් පහේ ඇඳන් 1200ම මේ වෙනවිට පිරී ගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය .

Scroll to Top