Aboutceylon Online

කොවිෂිල්ඩ් එන්නත නිපදවන ප්‍රධානියා පැන යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව විශාලතම එන්නත් නිපදවීමේ ආයතනය වන ඉන්දියාවේ සීරම් ඉන්ස්ටියුට් හි ප්‍රධාන විධායක නිලධාරී Adar Poonawalla ඉන්දියාවෙන් පිටත්ව එංගලන්තය බලා ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ සිට මාධ්‍ය සමග සමමුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ කොවිඩ් මර්ධනය සඳහා යොදා ගනු ලබන කොවිශිල්ඩ් එන්නත ලබා දෙන ලෙස ඉල්ලමින් තමන්ට ඉන්දියාවේ දේශපාලඥයින් සහ බලවත් පුද්ගලයින්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙන බවයි.

ඒ අනුව කොවිශිල්ඩ් එන්නත නිපදවනු ලබන සීරම් ඉන්ස්ටියුට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන්නේ සියලු වගකීම් සියල්ලම තමන්ගේ උරහිස මතට වැටී තිබෙන බවයි.

එමෙන්ම ඇතිව තිබෙන තත්ත්වය සලකා බලා කොවිෂිල්ඩ් එන්නත ඉන්දියාවෙන් පිට වෙනත් ස්ථානයක නිපදවීමට තමන් පියවර ගන්නා බවයි Adar Poonawalla විසින් ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශ කර ඇත්තේ.

Scroll to Top