Aboutceylon Online

පිළියන්දල Lockdown – තවත් ග්‍රාම නිලධාරී වසම් Lockdown – කොරෝනා මරණ 09 ක් – දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ – වලාන උතුර, වෑකඩ බටහිර, කිරිබේරිය, පාලමුල්ල නැගෙනහිර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ – ඔර්ස් හිල්, අප්පුවාලිපුරම්, වලපනේ – නීල්දණ්ඩාහීන ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා (Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

තවත් කොරෝනා මරණ 09 ක් වාර්තා වී ති‌බෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 687දක්වා ඉහළ ගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ , පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු හා කාන්තාවකි .

ඔවුන් කරදන, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, දේවාලගම, මාවනැල්ල, යක්විල, වලපනේ, රත්නපුර සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

නව කොරෝනා ආසාදිතයින් 1716 දෙනෙකු ඊයේ(01) වාර්තා විය. එය එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.

මෙරට කොරෝනා ආසාදනය වී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 109,862කි.

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 187 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බවය.

බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 12ක සිදුකළ සෝදිසිවල දී නිරෝධායන නීති උල්ලංඝනය කර රථවාහනවල ගමන් ගත් පුද්ගලයන් 250 දෙනෙකුට අවවාද කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Scroll to Top