Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත නොලැබෙන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දීය රජයේ “වැක්සින් මෛත්‍රී” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් සැපයීම ලබන ජුලි මාසයට පෙර යළි ආරම්භ කිරීමට නොහැකිවනු ඇති බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙ සහ නේපාලය ඇතුළු රටවල් සඳහා “වැක්සින් මෛත්‍රී” වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත් සැපයීම තවත් මාස කිහිපයකින් ප්‍රමාද වන බවද ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටී.

එම කටයුතු යළි ආරම්භ කරන දිනයක් මේ දක්වාත් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කර තිබේ.

ඉන්දියාව එසේ කියද්දි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමේ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රජයට හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

ඒ සදහා අවශ්‍ය එන්නත් ලක්ෂ 06ක ප්‍රමාණය ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ලබා ගැනීමට නොහැකි වුවහොත් වෙනත් රටකින් හෝ ලබා ගැනීමට රජයේ අවධානය යොමුව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියි.

 

Scroll to Top