Aboutceylon Online

මරණ 11 ක් සමග දිනක ආසාදිතයින් 1662ක් දක්වා ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය24 තුළ වාර්තා වී තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1662ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

ඒ අනුව මෙරටින් ගතවූ දින 04 ක කාලය තුලදී පිට පිට කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වුවා. ගතවූ දින 05ක කාලය තුලදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5769ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

මෙරට දැනට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 108146ක් වන අතර රෝහල් ගතව සිටින පිරිස 11504ක්.

තවත් කොරෝනා මරණ 11 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 678දක්වා ඉහළ ගොස් තිබේ .

 

Scroll to Top