Aboutceylon Online

මධ්‍යම පලාතේ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන උපරිම ධාරිතාව ඉක්මවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම පළාතේ ස්ථාපිත කර ඇති කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලම මේ වන විට උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය.

දැනට ඇති වී තිබෙන තත්ත්වය මත මධ්‍යම පළාතෙන් හමු වන කොරෝනා ආසාදිත පුද්ගලයන් වෙනත් පළාත්වල ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමට සිදුව තිබෙන බවද ඔහු කියා සිටියේය.

නව ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇතැයි ද ඔහු සදහන් කරයි.

Scroll to Top