පවතින ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ මහජන බැංකු ශාඛා 17 ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7 ක් වසා දමයි.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ කැප්පැටිපොළ, කොළඹ දිස්ත්රික්කයේ කටුබැද්ද සහ සොයිසාපුර, ගම්පහ දිස්ත්රික්කයේ කොටදෙණියාව, හම්බන්තොට දිස්ත්රික්කයේ කුඩාවැල්ල, හම්බන්තොට සහ සයුරුපාය, මහනුවර දිස්ත්රික්කයේ පිළිමතලාව, කෑගල්ල දිස්ත්රික්කයේ රඹුක්කන, කුරුණෑගල දිස්ත්රික්කයේ නාරම්මල, මාකඳුර, කොබෙයිගනේ, කටුපොත බොරලුවැව සහ පන්නල ත්රිකුණාමලය දිස්ත්රික්කයේ කන්තලේ සහ මොල්ලිපොතාන යන මහජන බැංකු ශාඛා මෙලෙස වසා ඇත.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පිටකොටුව, දෙහිවල, තලවතුගොඩ සහ බොරැල්ල, වැල්ලවාය, කුලියාපිටිය සහ දංකොටුව යන ශාඛාවන් ද ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ වසා තිබයි.
ලංකා බැංකුව රටපුරා පිහිටි ශාඛා 23ක් වසා තැබීමට පියවර ගෙන තිබේ.
කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හඳුනාගැනීම සහ වෛරසය පැතිරී යාමේ අවදානමක් හේතුවෙන් එසේ වසා තැබූ බව ලංකා බැංකුව නිවේදනය කරයි.
ඉදිරියේදීද බංකු ශාඛා විවෘතව තබන වේලාවන් වෙනස් විය හැකි බවද නිවේදනයේ දැක්වෙයි.