අපට වැරදීම් වුණා. අපි යමින් ඉන්නේ ඉන්දියාවේ තත්වෙට’ යයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
සිදුවූ වැරදීම් ගැන දැන් කතා නොකළ යුතු බව ද ඇය සඳහන් කරයි.මේ වන විට මෙරට තත්ත්වය ඉතාම අවදානම් සහ බරපතළ බවද ඇමතිනිය පෙන්වා දෙයි.රට ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව සාර්ථක නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.
අන්තර්ජාල නාලිකාවක් හැමදාමත් පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.
කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති බවත් එනිසා වහාම රට තුළ සංචරණ සීමා පැනවිය යුතු බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් විද්වත් සංගමය සඳහන් කරයි.
සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියා සිටියේ මෙම තත්වයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාරගත යුතු බවයි.