Aboutceylon Online

බ්‍රිතාන්‍ය භයානක ප්‍රභේදය පැතිර යන ප‍්‍රදේශ මෙන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බ්‍රිතාන්‍ය පැතිර යන කොරෝනා වෛරසයේ විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ කොළඹ බොරලස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබා ගත් ජීව සාම්පල අනුව එම විකෘති ප්‍රභේදයන් හඳුනාගෙන ඇති බවයි.

B 1 1 7 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය වේගයෙන් පැතිරී යන්නක් බවත් ඒ මහතා සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් පළමුවරට හඳුනා ගැනුණු B.1.1.7. කොවිඩ් ප්‍රභේදය සාමාන්‍ය සාර්ස් කොවිඩ් වෛරසයට සාපේක්ෂව ව්‍යාප්ත වීමේ වේගය සීයයට 55කින් වේගවත් වනවා.

මෙම වෛරස ප්‍රභේදයෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ල කරනු ලබන්නේ තරුණ පිරිස් වලටයි.

මේ වන විට දෙවන කොරෝනා රැල්ලෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙන ඉන්දියාව තුල මෙම B.1.1.7. වෛරස ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් සිඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙනවා.

Scroll to Top