වස විසෙන් තොර ආහාර ගැනීමට හැකි නම් එය කෙතරම් හොඳද? නමුත් අපේ ඇති කාර්යබහුලත්වය නිසා අපිට අපේ ආහාර ගැන සිතීමට තිබෙන ඉඩකඩ අහිමි වෙනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් වීමට නම් අපි එදිනෙදා පරිභෝජනයට ගන්නා ආහාර ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුමයි.
අපිට තිබෙන ලොකුම ගැටලුව වෙන්නේ වසෙන් විසෙන් තොර ආහාර මිලදී ගැනීමට තියෙනවද කියන එකයි. ඉතින් මේ ගැටලුවට කදිම විසඳුමක් තමයි අපේම ගෙවත්තක වගා කිරීම.
බොහොම නාගරික ප්‍රදේශයක එළිමහන් උඩුමහලේ හරි අපුරු වගාවක් කර තිබුනා. එම වගාවේ හිමිකරු වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත මහතායි.
එහිදී ඒ මහතා සඳහන් කර සිටියේ නාගරික ජීවිතය තුල අතිශය අවිවේකිව ජිවත් වන පුද්ගලයින්ට කොවිඩ් 19 වසංගත තත්වය නිසා විවේකයක්, පහසුවක් ලැබුණු බවය.
කොවිඩ් වසංගතය නිසා නිවසට වී සිටීමට ලැබුණු ඉඩ ප්‍රස්ථාව වැඩිවීම හේතුවෙන් ඒ කාලය ඵලදායී දෙයකට යොදා ගත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.