රට තුළ මේ වනවිට පැතිර යමින් ඇති කොරෝනා වෛරසයේ ප්‍රභේදය කුමක් දැයි නිශ්චිතව හදුනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම සමත් වී තිබෙනවා.
මෙම පරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකාවේ තාක්ෂණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඊට අදාළ විශේෂ උපකරණ විදේශයන්ගෙන් ගෙන්වීමටයි කටයුතු කර තිබුණේ.
මේ අතර ඇතැම් පාර්ශව මත පළ කරන්නේ මේ වනවිට රටේ පැතිරෙන කොරෝනා වෛරස් ප්‍රභේදය එංගලන්තයේ හෝ ඉන්දියාවේ පැතිරෙන වෛරස් ප්‍රභේදයට සමාන විය හැකි බවයි. ඒ රට තුළ පැතිර යන වෛරස් ප්‍රභේද ඛාණ්ඩය මීට පෙර පැතිර ගිය වෛරස් ප්‍රභේදයට වඩා සීග්‍රයෙන් පැතිර යන බවටයි වෛද්‍ය විශේෂඥයින් මේ වනවිටත් මත පළ කර ඇත්තේ.
මේ අතර දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1,111ක් ලෙසයි. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
මෙරටින් තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ යනු ඇති.
අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් අද(28) උදෑසන 6.00 සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවෙන් නැවත දැනුම් දෙනතුරු ඕනෑම වාහනයකට ඇතුල්විය හැකි පරිදි ගේට්ටු විවෘත කර ඇති අතර ටිකට් පත් නිකුත් නොකරන බව අධිවේගී මාර්ග පරිපාලනය පවසයි.
කොට්ටාව හුවමාරුවෙන් පිටතට පැමිණිය හැක්කේ ගිලන් රථ හා බස් රථ වලට පමණි.
තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි
එලෙස හුදෙකලා කර ඇත්තේ වැල්ලවාය නගර සභා සීමාව, වැල්ලවාය වෙහෙරයාය සහ කොට්ටන්ගහපොකුණ, බුත්තල, රත්දලගම, අම්පාර, උහන, කුමාරිගම, මාතලේ, නාවුල, අළුගොල්ල යන ග්‍රාම නිලධාරී වසම් වේ.
මේ අනුව අද(28) උදෑසන 6.00 සිට එම ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ අතර කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව එම ප්‍රදේශවලින් පිටවීම සම්පූර්ණයෙන් තහනම් බව පොලීසිය පවසයි.