Aboutceylon Online

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් lock down – ආර්ථික මධ්‍යස්ථානය දින නියමයක් නොමැතිව හුදකලා කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා (Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ පවසයි.

එසේ හුදෙකලා කර ඇති ග‍්‍රාම නිලධාරී වසම් මෙසේය.

ගම්පහ
පොල්හේන, හිරලුගෙදර, කළුඅග්ගල, මිනුවන්ගොඩ ඇසැවැන්නවත්ත නැගෙනහිර

කළුතර
මීගහතැන්න, මිරිස්වත්, පැලවත්ත උතුර සහ නැගෙනහිර

ත්‍රිකුණාමලය
පුම්පුහර්

මීට අමතරව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දින නියමයක් නොමැතිව හුදකලා කෙරෙනු ඇති.

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු  හමුවීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ජනපදය හුදෙකලා කිරීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම්  හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුගිය 24 වෙනිදා සිදු කල PCR පරීක්ෂණ වල ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති අතර එම ප්‍රතිඵල අනුව PCR පරීක්ෂණ 53කින්, හතලිස් හය දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වී ඇත.

තවත් කොරෝනා ආසාදිතයින් 892 දෙදෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 2,271 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

එම ආසාදිතයින් ගෙන් 94,577දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 7050දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 644කි.

Scroll to Top