Aboutceylon Online

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 05 ඉක්මවන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින දෙවන කොවිඩ් රැල්ල හේතුවෙන් ලබන මැයි මාසය වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5ක් සහ මරණ සංඛ්‍යාව 5,700 ඉක්මවා යනු ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවා සිටිනවා.

ඔවුන් සඳහන් කරන්නේ ඉන්දියාව මේ දක්වා කොවිඩ් දෙවන රැල්ලේ උපරිම ස්ථානයට පැමිණ නොමැති බවයි.

එළෙඹෙන මැයි මස 2-3 වන සතිය වන විට කොවිඩ් ව්‍යාප්තියේ උපරිම ස්ථානයට ඉන්දියාව ලඟා වෙනු ඇති බවයි විශේෂඥයින් අනතුරු අඟවා සිටින්නේ.

ඇතැම් ආදාහනාගාරවල කොවිඩ් මළ සිරුරූ ආදාහනය කිරීමට තරම් සේවකයින් නොමැති නිසා මියගිය පුද්ගලයින් ගේ ඥාතීන්ටම ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවට වාර්තා වනවා.

දිල්ලිය, නොයිඩා, ලක්නව් ඇතුළු ප්‍රදේශ රැසක රෝහල්වල ඉඩ පහසුකම් නොමැතිකමින් කොවිඩ් ආසාදිතයින්ට නිවෙස් වලදී ප්‍රතිකාර ලැබීමට සිදුව ඇති අතර ඔක්සිජන් සපයා ගැනීමට කලු කඩ ජාවාරම්කරුවන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට සිදුව ඇති බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ඉන්දීය රුපියල් 6,000ක් වන ඔක්සිජන් සිල්න්ඩරයක් මේ වන විට අලෙවි කරනු ලබන්නේ රුපියල් 50,000ක මිලකට බවයි වාර්තා වන්නේ.

Scroll to Top