Aboutceylon Online

විනෝද සවාරි වහාම නවත්වන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වන කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ඇතැම් ජනතාව පිළිනොගන්නා තත්ත්වයක් තිබෙන බව පැවසීය.

සමහරුන් සෞඛ්‍ය උපදෙස් ගණන් නොගෙන විනෝද සවාරි වල යෙදෙන බව කී යුද හමුදාපතිවරයා එවැනි කටයුතු වලින් වහාම වළකින්නැයි ද ඉල්ලීමක් කළේය.

මේ අවස්ථාවේ දී උත්සව කිසිවක් සංවිධානය කිරීමට අවසර නැතැයි ද ඔහු පැවසීය.

තව ද විශාල වශයෙන් සෙනඟ රැස්වන ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

Scroll to Top