තවත් කොරෝනා ආසාදිතයන් 650 දෙනකු අද දිනය තුළ හඳුනාගෙන තිබේ.ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 101,236 දක්වා ඉහල යයි.
කොවිඩ් ආසාදිතයින් සඳහාම වෙන්කර ඇති හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යන කොවිඩ් රෝගී ප්‍රතිකාර වාට්ටු සියල්ල මේ වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව වාර්තා වේ.
කොරෝනා ආසාදිතයන්ගෙන් අයි.ඩී.එච්.රෝහල පිරීගොස් ඇතැයි ම රෝහල් ආරංචි මාර්ග කියයි.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දිවයිනේ ප්‍රධානම රෝහල්වන අයි.ඩී.එච්. රෝහලේ කොරෝනා ආසාදිතයන් 135ක් පමණ ප්‍රතිකාර ලැබූ අතර එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳන් සියල්ලම පිරීගොස් තිබූ බව ද වාර්තා විය.
සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන රෝගීන්ට පවා කොරෝනා ආසාදනයවීමේ දැඩි අවධානමක් පවත්න බව ද එම රෝගීන් වෙනත් රෝහලකට මාරු කළ යුතු බව ද රෝහල් කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියයි.