ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.එම සංඛ්‍යාව 218 කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 129 කි. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර, ඉන් වැඩි දෙනෙකු වාර්තා වුණේ බේරුවල ප්‍රදේශයෙන් ය.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 150 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ අතර කොරෝනා ජාන විකෘති හඳුනා ගැනීමේ නව පරීක්ෂණ කට්ටලයක් දිවයිනට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා නිව්ස්ෆස්ට් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ය.
මේ අතර , ආගමික උත්සව ඇතුළු විවිධ කටයුතු සඳහා අවසර ලබා දෙන්නේ, සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතිය මත පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.