Aboutceylon Online

වාතයෙන් බෝ වන කොවිඩ් ප්‍රභේදය භයානකයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ‍්‍රී ලංකාව තුළ පැතිර යන නව ‘කොවිඞ් 19’ ප‍්‍රභේදය වාතයෙන් ද බෝවන්නේ යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමු දින කිහිපය තුළම ශ්වසන අපහසුතාවලට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ වනවිටත් එම වෛරස් ප්‍රභේදය කොළඹ නගරයේ ස්ථාන රැසකින්ම හඳුනාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

කෙසේවෙතත් අද වනවිට පළමු රැල්ලටත්, දෙවන රැල්ලටත් වඩාත් බියකරු බවක් ගෙනඑමින් නව ප්‍රභේදයක් මෙරට පුරා පැතිරෙමින් පවතින අතර එය විද්‍යාඥයින් අනුමාන කරන්නේ බ්‍රිතාන්‍යයේ පැතිරයන B.1.1.7 කොවිඩ් ප්‍රභේදයට සමානතාවයක් දක්වන බවය.

කෙසේවෙතත් මේ දිනවල මෙරට පැතිරයන කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් රෝගීන් විශාල පිරිසකට ශ්වසන ආබාධ ඇති අතර ඔවුන්ටද ඔක්සිජන් සැපයීමට සිදුව තිබේ.

මෙවර වෛරසයෙන් උගුරේ අමාරුව නැතුවත් ඉබේම නියුමෝනියා තත්ත්වයට භාජනය වෙනවා. සෑම උණ තියෙන එක්කෙනෙක්ම, කැස්ස සහ හදිසියේ ඇතිවෙන හුස්ම ගැනීමේ අපහසුතා තිබෙන සෑම අයෙක්ම හැකි විගස වෛද්‍ය උපදෙස් ලබාගැනීමට රෝහල් කරා පැමිණීම ඉතා වැදගත් වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

Scroll to Top