Aboutceylon Online

කොවිඩ් කතරගමත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තිස්සමහාරාම, කතරගම මාර්ගය දෙපසින් නිවාසවලින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 25 දෙනකු හඳුනාගෙන තිබෙනවා.

තිස්ස, කතරගම මාර්ගයේ කන්දේ විහාරස්ථානයට නුදුරින් පිහිටි නිවසක දිවුලපිටිය ප්‍රදේශයෙන් පැමිණ පුද්ගලයින් පස්දෙනකු ඉකුත් දිනවල නැවතී සිට ඇති බවත් එම පිරිසට කොරෝනා බවට පසුව හඳුනා ගැනීමෙන් පසු එම පිරිසගේ ආශ්‍රිතයන් වූ 53 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති බවත් වාර්තා වනවා.

එසේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ පිරිසෙන් 25 දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

එම ආසාදිතයන් 25 දෙනාගෙන් හතර දෙනකු තිස්සමහාරාම කතරගම මාර්ගයේ සඳගිරිගොඩ සීමාවේ පදිංචිකරුවන් අනෙක් 21 දෙනා නතරවී සිටි නිවෙසට සම්බන්ධ පළමු පෙළ ආශ්‍රිතයින් බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන්.

Scroll to Top