උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතු වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයක් මතු වීම ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
ඉදිරි නිවාඩු දින කිහිපය තුළ වඩාත් කල්පනාකාරීව ගත කරන ලෙසත් පවුලේ හෝ ප්‍රදේශයේ හෝ කොවිඩ් රෝගියකු සිටියේ නම් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින ලෙසත් පවසන ඒ මහතා, යන්තම් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්නැයිද ජනතාවට දැනුම් දෙයි.
රෝගයේ මූලික අවස්ථාවේ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ගැනීමෙන් රෝගය උත්සන්න වී දැඩි සත්කාර ඒකකයට යෑමට තිබෙන අවධානම අඩු වන බවත් හෙතෙම කීවේය.