ගත වූ පැය 24දි කොරෝනා ආසාදිතයින් 969 දෙනෙකු වාර්තා විය. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 99,691කි.
කොවිඩ් ආසාදිතයින් 969 දෙනා ගෙන් ආසාදිතයින් ආසාදිතයින් 478ක් බස්නාහිරෙනුත් 251ක් දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 236 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48ක්, මහනුවර 11ක්, ගාල්ල 36ක්, යාපනය 09ක්, කෑගල්ල 03ක්, පුත්තලම 07ක්, අනුරාධපුර 23ක්, ත්‍රිකුණාමලය 08, මොණරාගල 10ක්, මාතර 26ක්, හම්බන්තොට 28ක්, පොලොන්නරුව 03ක්, මාතලේ 21ක්, අම්පාර 02ක්, මඩකලපුව 01ක්, වව්නියාව 12ක් සහ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 38ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.
කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 634 කි. වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5021ක් වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, අසාදිතයින් 94,036 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බවය.