Aboutceylon Online

තවත් 657කට කොරෝනා – ඉදිරි සති 4 ඉතාමත් තිරණාත්මකයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් -19 වෛරසය ආසාදිත 657 දෙනෙකු ඊයේ (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 98,707කි.

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ 634 ක් දක්වා ඉහළ ගියා. ඒ, කොරෝනා ආසාදිත මරණ 05 ක් ඊයේ රාත්‍රියේ වාර්තා වීමත් සමගයි. ඒ අතරට කාන්තාවක් ද අයත්. ඔවුන් මොරටුව, මහනුවර, කොට්ටමුල්ල හා නාරාහේන්පිට යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර, ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කෙරුණි.

රට තුළ වර්තමානයේ ව්‍යාප්තවෙමින් ඇති කොරෝනා වෛරසය තරුණ ප්‍රජාවට වැඩි වශයෙන් ආසාදනය වීම ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා. පවතින තත්වය හමුවේ ඉදිරි සති 4 ඉතාමත් තිරණාත්මක බවයි කොවිඩි පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සදහන් කළේ.

ශීඝ්‍රයෙන් ඉහල යන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(23) පස්වරුවේ රැස් වීමට නියමිතය.

Scroll to Top