Aboutceylon Online

ශ්‍රී ලංකාවේ පැතිර යන නව වයිරසය බ්‍රීතාන්‍යයේ වයිරසයට සමානයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බ්‍රිතාන්‍යයේ පැතිරී පවතින බී 117 විකෘති වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරී ඇත්දැයි සැකයක් මතුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද හා ශෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ දී මෙම නව වෛරසය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී එහි එස් ප්‍රොටේන හඳුනාගැනීමේ හැකියාව නැතිව ගොස් තිබූ බවත් කොළඹ දී කරන ලද පරීක්ෂණ වලදී ද එවැනිම තත්ත්වයක් නිරීක්ෂණය වූ බවත් ඔහු කීය.

ශ්‍රී ලංකාවේ දැනට පැතිර පවතින්නේ අලුත් වයිසර ප්‍රභේදයක්ද නොඑසේ නම් දැනට පවතින වයිරසයේ  විකෘතියක්ද යන්න ගැන සොයා බලා ගෙන යන බවද ඒ මහතා සඳහන් කළේය.

දිවයින පුරා විවිධ ප්‍රදේශවල මේ වනවිට කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳව නව පරීක්ෂණ ආරම්භ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීවවිද්‍යා ආයතනය කටයුතුකර ඇත.

ඒ අනුව එළඹෙන අඟහරුවාදා දින නව පරීක්ෂණ ආරම්භ කරන බව එහි අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මහතා ප්‍රකාශ කළේය.

Scroll to Top