Aboutceylon Online

ත්‍රිකුණාමලය, මිනුවන්ගොඩ, පානදුර පාසල් වලින් කොරෝනා පොකුරු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස කීපයක පාසල් තුනක් දින නියමයක් නැතිව වසා දැමූ බව  නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා පවසයි.

මහඔය අධ්‍යාපන කලාපයේ කුඩා හරස්ගල විදුහලේ සිසුන් කීප දෙනකුට කොරෝනා වයිරසයට ආසාදනය වීම නිසා එම පාසල වසා දමා ඇති අතර ත්‍රිකුණාමලය අභයපුර විදුහලේ විදුහල්පතිවරයාට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම විදුහල ද වසා දමා ඇත.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකින්  කොරෝනා ආසාදිතය සිසු සිසුවියන් 10 දෙනකු අද උදෑසන වාර්තා වූ බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා පවසයි.

මේ හේතුවෙන් සිසු සිසුවියන 78 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියයි.

පානදුර නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවිකාවක් කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා එම පාසල වසා දැමීමට එහි පරිපාලනය තිරණය කර ඇති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

පාසල වසා දැමීමේ තීරණය තම කාර්යාලයේ තීරණයක් නොවන බවත් එය හුදෙක්ම අදාළ පාසලේ පරිපාලනය ගත් තීරණයක් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

Scroll to Top