දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. අදාළ පුද්ගලයින් පසුගිය දිනක අලුත්නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
රාගම බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයකට සහභාගී වු පුද්ගලයින් පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රීයින් හඳුනාගෙන පී.සි.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මේ අතර කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේ තිත්තවැල්ගාල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසය ට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවා තිබේ.
මෙරටින් ආසාදිතයින් 500 ඉක්මවා ඊයේ දිනයේ වාර්තා වුයේ මාස දෙකකට පසුව වීම විශේෂත්වයක්.
ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව, ගනේවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 100 දෙනකු, කුලියාපිටියෙන් 59 දෙනෙකු, කුරුණෑගලින් 10 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
මිට අමතරව ඊයේ දිනයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. දංකොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 29ක් සහ වෙන්නප්පුවෙන් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන් වලින් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙක් බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 32ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක්, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 18 දෙනා බැගින් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13ක් වාර්තා වී ඇත.
ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වු අතර එයින් තුනක් ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණි.
එසේ මරණයට පත්ව ඇත්තේ සෙවණගල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ජාඇළ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කැලණිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.