Aboutceylon Online

කොරෝනා මරණ ගණන 625 දක්වා ඉහළට – නව ප‍්‍රභේදයක් ගැන සැකයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 625 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ, ඊයේ රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිත මරණ 5ක් වාර්තා වීමත් සමගිනි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොවිඞ් 19 නව ප‍්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

කොවිඞ් 19 දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් ඒ මහතා සදහන් කරයි.

Scroll to Top