පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීම සඳහා ලබන අප්‍රේල් 21 වන දින පෙරවරු 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා.
මේ අතර ලබන අප්‍රේල් 21 වනදා කතෝලික සභාවට අයත් දිවයිනේ සියලු කතෝලික පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව කාදිනල් හිමියන් පවසා සිටියා.
කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා තිබුණා.