ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන පිතිකරුවෙකු වූ කුසල් මෙන්ඩිස් හට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වී යන බවක් පෙනෙන්නට තිබේ.
ඔහු ක්‍රීඩා කළ අවසන් තරඟ කිහිපය පුරාවටම ආසාර්ථකත්වයට පත්වීමත්, අනිකුත් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා නොදී ඔහුව දිගින් දිගටම කණ්ඩායමේ රඳවා තබාගෙන සිටීමත් මෙම ස්ථානය අහිමි වීමට හේතුවක් ලෙස සඳහන් කළ හැකිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් හී නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ කුසල් මෙන්ඩිස් යනු මෙරට ක්‍රිකට් සතුව සිටින ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙකු බවත්, නමුත් ඔහුගේ ආසාර්ථක භාවය හමුවේ ඔහුව ටෙස්ට් කණ්ඩායමට සම්බන්ධ කරගත නොහැකි බවයි.
නවක ක්‍රීඩකයන් වන පැතුම් නිශ්ශංක, ඕෂධ ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණීම හේතුවෙන් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හටත් සිය ස්ථානය රැක ගැනීම පිළිබඳව පීඩනයක් එල්ල වී ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.