ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ජාතික පිලේ ක්‍රීඩකයන් කිහිප දෙනකු සහභාගි වන කොරෝනා අරමුදල් රැස් කිරීමේ පුණ්‍යාධාර ක්‍රිකට් තරගය ලබන මස 4 වැනිදා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
එම තරගයට ටී.එම්. ඩිල්ෂාන් සහභාගී නොවනු ඇති බවත් එයට හේතුව ඔහු ඉන්දියාවේ පැවැති තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදී හා දැනට පදිංචි ඔස්ට්‍රේලියාවේ දින 14 බැගින් නිරෝධායනය වීම බවත් ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ජාතික පිලේ ක්‍රීඩකයන් කිහිප දෙනකු සහභාගි වන කොරෝනා අරමුදල් රැස් කිරීමේ මේ තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ නායකත්වයට ඩිල්ෂාන් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු නම් වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
දැනටමත් අරවින්ද ද සිල්වා හා චමින්ද වාස් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට එක් වීමට කැමැත්ත පළ කර ඇතැයි ද එම කණ්ඩායම ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරිය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද මහාචාර්යවරයා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් කිහිපදෙනකු ඇතුළත් කණ්ඩායම ඉදිරියේදී නම් කරන බව ද ඒ මහතා පැවසීය. එහිදී තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දීමට අපේක්ෂා කෙරේ.