සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා අද දිනයේද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.
ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ අමතර බස්රථ 200 ක් පමණ අද දිනයේද ධාවනයට එක්කර ඇති බවයි.
අධිවේගී මාර්ග ආශ්රීතවද ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට එක් කර ඇති බවයි ලංකා ගමනගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ.