Aboutceylon Online

තවත් කොරෝනා මරණ 07ක් – කොවිඩ් ආසාදිතයින් දෙගුණයකින් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් ආසාදිත මරණ 07ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත ‌කොරෝනා මරණ සංඛ්‍යාව 615 කි.

මේ අතර, අද දිනයේ මේ දක්වා කාලය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 129 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96,078 ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අතරින් 92,611 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2,852 ක් වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කනස්සල්ලට පත්විය යුතු අනුපාතයකින් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් සතියක් තුළ අළුතින් හඳුනාගැනෙන කොරෝනා ආසාදිතයින් ගණන, පසුගිය මාස 02 ක කාලය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.
ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද මිලියන 03 ඉක්මවා ගියා.
ලොව පුරා මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහතුන්කෝටි අනූනවලක්ෂ 36,833 ක්.
Scroll to Top