Aboutceylon Online

ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණිමට අද(15) සිට ප්‍රවාහන පහසුකම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද(15) සිට අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය පිරිස් වෙත යළි පැමිණිම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ වන විට බස්රථ 3000ක් අමතරව එක්කර ඇතැයි ද පැවසු දිලුම් අමුණුගම මහතා කොළඹින් ගම්බිම් බලා පිටව යන බස්රථ නැවත අප්‍රේල් 15 වන දින සිට කොළඹට ළඟාවීමට නියමිත බවත් පැවසීය.

මේ අතර  අමතර දුම්රිය 21ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58ක් ද අප්‍රේල් 9 වන දින සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Scroll to Top