Aboutceylon Online

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ ව්‍යාපාර කටයුතු  අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම හේතුවෙන් මීට පෙර 2020 ජුලි 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සහ එහි මව් සමාගම වන ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතන දෙකේ ව්‍යාපාර කටයුතු අත්හිටුවනු ලැබීය.

එහෙත් ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් වී නොමැති අතර ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්ව තිබේ.

දැන් නැවතත් ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමෙන් අනතුරුව මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් පත් කළ කළමනාකරණ මණ්ඩලය ආයතනයේ කළමනාකරණ කටයුතු අඛණ්ඩව කරනු ඇති අතර ඉතිරි තැන්පත්කරුවන්ට ගෙවීමට නියමිත වන්දි මුදල් දිවයින පුරා මහජන බැංකු මගින් ගෙවීමට නියමිතය.

Scroll to Top