Aboutceylon Online

අධිවේගයේ ‍ වෙට්ටූ දැමූ රිය පොලිස් භාරයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ කාර් රථය පොලිස් භාරයට ගෙන රියැදුරුගෙන් සහ එම රථයේ හිමිකරුගේ පුත්‍රයාගෙන්පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සමාජ මාධ්‍යවල පෙරේදා (11 වැනිදා) හුවමාරු වූ වීඩියෝවක දැක්වුණේ අධීවේගී මාර්ගයේ ගමන් කරන මෝටර් රථයක කවුළු මත හිඳ සිරුරු එළියට පෙනෙන සේ ගමන් කරන තරුණයන් කිහිප දෙනෙකි. එම තරුණයන් කවුරුන් ද යන්න මේ වන විට පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔවුන්ද පොලිසියට කැඳවනු ලැබ ඇත.

මහනුවර ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ හිමිකරු නිසි පැවරීමකින් තොරව වෙනත් අයකුට වාහනය අලෙවි කර තිබෙන බව මේ වන විට හෙළි වී තිබෙන අතර වාහනය මිල දී ගෙන ඇත්තේ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ පුත්‍රයා පොලිසියට පැමිණ ඇත්තේ එම හිමිකරු මේ වනවිට ශල්‍යකර්මයකට භාජන කර ඇති හෙයිනි.

 

Scroll to Top