Aboutceylon Online

ලක්ෂ 12කට රු. 5000 බෙදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමෘද්ධි හා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ඊයේ (12 වැනිදා) දිනය ඇතුළත පවුල් ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවකට ලබා දීමට කටයුතු කර ඇත.

‘පළමු වටයේ දී අපි පන්දහසේ දීමනාව ලබා දෙන්නේ සමෘද්ධි ලාභීන්ටයි. සමෘද්ධි ලාභීන්ට ලබා දීමෙන් අනතුරුව ඉතිරි කණ්ඩායම්වලට දීමනාව ලබා දීම සිදු කෙරනවා.

තෝරා ගෙන ඇති කිසිම කණ්ඩායමකට දීමනාව නොලැබී යන්නේ නැහැ. මොකද කොරෝනා වකවානුවේ පසුගිය වර පන්දහසේ දීමනාව ලබා දීමේ දී සකස් කළ නාම ලේඛන සියල්ල අප සතුව තිබෙනවා.

12 වැනිදා අපි වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කළා. කොහොම වුණත් ඇතැම් ස්ථානවල යම් යම් ප්‍රායෝගික ගැටලු ඇති වුණා. මොකද සමෘද්ධි බැංකුවල කළමනාකරුවන් ඒ මුදල් රැගෙන ගියේ 12 වැනිදා උදේ.

සමෘද්ධි නිලධාරීන්ට අමතරව අවශ්‍යතාව මත ක්ෂේත්‍ර නිලධාරීන්වත් මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය ලබා දීලයි තියෙන්නේ.

අපි අද (13 වැනිදා) දිනයේත් ඉතිරි පවුල් සඳහා දීමනාව ලබා දෙනවා. යම්හෙයකින් මේ දින දෙකේ දීමනාව ලබා ගැනීමට යමෙකුට නොහැකි වුණොත් අලුත් අවුරුද්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම එය ලබා ගන්න පුළුවන් යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Scroll to Top