Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අලුත් අවුරුද්දට ආණ්ඩුවේ 5,000 අද සිට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 5000ක දීමනාව ලබා දීම අද(12) සිට ආරම්භ වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්,
වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්,
ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්,
වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනා ලබන පුද්ගලයින් සිටින පවුල්,
සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල් සහ
ඉහත සඳහන් පවුල් කාණ්ඩ 06 යටතේ අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් සඳහා එම දීමනාව ලබාදීමට නියමිත
ය.

සියලුම සමෘද්ධි නිලධාරින් අඩු ආදායම්ලාභීන් වෙත එම දීමනාව ලබා දීමේ කටයුතු සඳහා අද සිට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රතිලාභීන් ලක්ෂ 30 කට ආසන්න සංඛ්‍යාවකට එම දීමනාව ලබා දීමට නියමිත බවය.

Scroll to Top