අද(12) රජයේ විශේෂ නිවාඩු දිනයකි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව නිවාඩුව ලබා දුන් බවයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම නිවාඩුව රාජ්‍ය සේවකයින් සඳහා ලබා දීමට තීරණය කෙරිණි.
මේ අතර අද රජයේ නිවාඩු දිනයක් වුව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , අද රජයේ නිවාඩු දිනයක් වුව ද, වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් අදාළ කාර්යාල විවෘතව තැබෙන බවයි.
ඊට අමතරව කුරුණෑගල, ගම්පහ, අනුරාධපුරය, යාපනය සහ හම්බන්තොට කාර්යාල ද කලින් වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් විවෘතව තැබෙන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර අද රජයේ නිවාඩු දිනයක් වුව ද සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.