Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්දියාවට පිහිනා වාර්තාවක් පිහිටවූ ගුවන් හමුදාවේ රොෂාන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දීය සහ ශ්‍රී ලංකා ආරක්ෂක බලකායන් ආරක්ෂක පුහුණුවීම් සහ ධාරිතා ගොඩනැගීම යන අංශයන්හි සමීප සබඳතාවයක් දිගු කලෙක සිට පවත්වාගෙන ගොස් ඇත.

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුස්්කොඩි දක්වා පිහිනමින් නව ආසියානු වාර්තාවක් පිහිටු වීමට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර සමත් වෙයි.

පෙරේදා (10) අලුයම 2.00ට පමණ තලෙයිමන්නාරමෙන් පිහිනීම ඇරඹු 32 හැවිරිදි රොෂාන් ධනුෂ්කොඩි වෙත ගොස් ඊයේ පෙරවරු 7.00ට පමණ යළි තලෙයිමන්නාරමට ළඟා විය. මේ සඳහා තරණය කළ යුතු සමස්ත දුර ප්‍රමාණය වූ කිලෝමීටර් 59.3 පිහිනීම සඳහා රොෂාන්ට පැය 28 මිනිත්තු 19 තත්පර 43ක කාලයක් ගත විය.

සාගරයට පොලිතින් සහ ප්ලාස්ටික් දමන්න එපා යැයි ලෝකවාසීන්ට පිණිවිඩයක් දීම ඉන් බලාපොරොත්තු වන බවත්, පොක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පැය 35කට ආසන්න කාලයක් ගත වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් තලෙයිමන්නාරමෙන් පිහිනීම ආරම්භ කිරීමට පෙර රොෂාන් පැවසීය.

තිස් දෙහැවිරිදි රොෂාන් අබේසුන්දර මහතා මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 2008 වසරේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයකු වේ. ශ්‍රී ලංකාවේ විවිධ ත්‍රාසජනක සාගර පිහිනුම් අවස්ථා සඳහා සහභාගී වී ඇති ඔහු 2021 මාර්තු 26 වන දින කිලෝ මීටර් 49ක් පැය 23කින් පිහිනා ජාතික පිහිනුම් වාර්තාවක් පිහිටුවේය.

මේ දක්වා පිහිනුම් ශූරයන් 14 දෙනෙකු පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා ඇති නමුත් දැනට මෙම අභියෝගය ජයගෙන ඇත්තේ එක් ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයකු පමණි. 1971 වසරේදී ශ්‍රී ලංකා පිහිනුම් ශූර කුමාර් ආනන්දන් මහතා පැය 51 කින් මෙම අභියෝගය ජය ගත්තේය.

දෙරට අතර සමීප බැදීම් ප්‍රදර්ශනය කරමින් යාපනය ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලයේ කොන්සියුලර් අර්චනා රමේෂ් මහත්මිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු එස්. එන්. ප්‍රනාන්දුපුල්ලේ මහතා මෙම කාර්යය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් විය.

අබේසුන්දර මහතා මේ හරහා Fit Sri Lanka ව්‍යාපාරය පිළිබඳ දැනුවත් කරනු ඇත. එසේම මෙම කර්තව්‍යය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සියවස් ගණනක් පුරා පවතින සමීප සහ මිත්‍රශීලී සබඳතා සංකේතවත් කරයි.

Scroll to Top