පොලිස් දෙපාර්තමේන්තුවේ පිරිස් බලය වැඩි කිරීම සඳහා ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම අලුතින් සාමාජිකයන් 10,000ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.
ඊට සමගාමීව රටේ අවශ්‍යතාව අනුව විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනය කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පෙරේදා (8) රැස් වූ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
නීතිය හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මහතා තව දුරටත් සිවිල් සමාජය තුළ මතු වන ගැටලු විසඳීම කාර්යක්ෂම කිරීම සඳහා මේ තීරණය ගත් බවද අවධාරණය කළේය.