කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 112දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 94,448ක් බවට පත්ව ඇත.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 595ක් දක්වා දක්වා වර්ධනය වී තිබේ.
වව්නියාව පදිංචි 66 හැවැරිදි කාන්තාවක් හා යාල්වෙල පදිංචි 71 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.