ඉදිරියේදී එළැඹෙන උත්සව සමයට භාවිත කිරීම සඳහා රුපියල් ලක්ෂ 6000ක වටිනාකමකින් යුත් රතිඤ්ඤා, මල් වෙඩි සහ ගිනි කෙළි නිමැයුම් මේ වනවිට නිෂ්පාදනය කර අවසන් බව සමස්ත ලංකා ගිනි කෙළි සංගමයේ සභාපති දිනේෂ් ප්රනාන්දු පවසයි.
පසුගිය වසරේද සිංහල-හින්දු අලුත් අවුරුද්දට කිසිදු උත්සවයක් නොපැවැත්වුණු නිසා වසරකටත් වඩා වැඩි කාලයක සිට විශාල දුෂ්කරතා රැසකට ගිනි කෙළි නිෂ්පාදනයේ යෙදෙන පිරිස මුහුණ පා සිටින බැවින් මෙම වසරේ අලුත් අවුරුදු උත්සව සමයට ගිය වසරට වඩා සූදානමක් තිබෙන බව ඔහු පවසා සිටියේය.