Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොටි පොලීසිය නැවත පිහිටුවන්න ගොස් වැඩ වරදී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යාපනය නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යාපනය නගර සභාව විසින් පොලිස් බලකායක් පිහිටුවා ඔවුන්ට අතීතයේ තිබූ කොටි පොලීසියට සමාන අන්දමේ ඇදුම් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

නගරාධිපතිවරයා අත්අත්ඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ යාපනය නාගරික පොලිස් බලකායේ රාජකාරිය වන්නේ නගරය තුළ කැලි කසල දමන්නන් අධීක්ෂණය කිරීම, දඩ මුදල් එකතු කිරීම, වාහන හැසිරවීම, කොරෝනා නීතිරීති කඩ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම යන කටයුතු සඳහා බවයි. මේ කටයුතු පහසු කර ගැනීම සදහා එවැනි බලකායක් පිහිටවූ බවද ඔහු එහිදී සඳහන් කර සිටියා.

නමුත් මේ සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාවේ අනුමැතියක් ලබා නොගැනීම සෙසු පක්ෂ දැනුවත් නොකිරීම යන කාරණා මත ඊයේ පැවති යාපනය මහ නගර සභාවේ සභා වාරයට ඊ.පී.ඩී.පී.සංවිධානය සහභාගී වීමෙන් වැළකී සිටියා.

පොලීසිය පැවසුවේ, නගරාධිපතිවරයා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇති බවයි.

Scroll to Top