Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අපේ රට පරිසර නාශක පාලකයන්ගේ ගොදුරක් වෙලා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
අද මේ රටේ ජනතාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරිමට මහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු පරිසරය හා අත්‍යන්තයෙන්ම  බද්ධ වූ සංස්කෘතික මහෝත්සවයකි.
අපගේ සංස්කෘතික මූලයන් මෙන්ම ජිවන පැවැත්ම ද බැදී ඇත්තේ පරිසරය සමගය නමුත් අද වනවිට අපේ රට පරිසර නාශක පාලකයන්ගේ ගොදුරක් බවට පත්වී හමාරය.
මේ රටේ පරිසරය ආරක්ෂා කරගන්නට අතිගරු ජනාධිපතිතුමා අවස්ථා ගණනාවකදීම නියෝග ලබාදෙන ආකාරයක් අප දැක තිබෙනවා.
එහෙම තත්වයක් තුළ ප්‍රාදේශීය දේශපාලන බලවන්තයන් පවා පරිසර නාශකයන් වි සිටින්නේ ඇයි? පරිසරය ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන පොලිස් නිළධාරින්ද ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට මේ ආකාරයේ බලපෑම් එල්ල වන්නේ කෙසේද? ගරු ජනාධිපතිතුමා ඒ ගැන අන් සියල්ලටම පෙර අවධානය යොමුකල යුතුයි.
ඒ නිසා මේ රටේ පරිසරය විනාශ කරන මුරණ්ඩු දේශපාලකයන් මට්ටුකිරීම සදහා ජනාධිපතිතුමා කෙලින්ම මැදිහත්විය යුතුයි.
මේ රටේ රාජ්‍ය නායකයා ලෙස එතුමාට ඒ සදහා ධෛර්ය හා ශක්තිය ලැබේවායි අප ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම මතුවන සියලු අභියෝගයන් ඉදිරියේ පවා මේ රටේ පරිසර ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සියලුම රාජ්‍ය නිළධාරීන් හා සංවිධානවලට මෙන්ම විශේෂයෙන්ම අපේ රටේ තරුණ පරපුරට අප අපගේ ගෞරවය පුද කර සිටිනවා.
‘අද අපගේ ආහාරවල ගුණාත්මකභාවය ගැනද අන් කවරදාකටත් වඩා අවධානය යොමුකල යුතුව ඇති ඛේදනීය තත්වයකට වැටිතිබෙනවා.’
” ඇත්තටම එම තත්වය මහත් වේදනාවක්. අලුත් අවුරුද්දට වස විස නැතිව කැවිලි ටිකක්වත් හදාගත නොහැකි තත්වයකට අද මේ රටේ ජනතාව අසරණ වෙලා. ලංකාවේ ආහාර වර්ගවලද ඇතුලු භාණ්ඩවල ප්‍රමිතිය තහවුරු කරන ප්‍රමිති ආයතනයම ඒ බව පිළිගන්නවා නම් වෙනත් කවර කතා ද?
මෙය ඉතාමත්ම ඛේදනීය තත්වයක් මේ ගැන රජය ඉතාමත්ම කඩිනමින් විධිමත් පරීක්ෂණයක් සිදුකල යුතුය. එමගින් මේ රටේ ජනතාව ලබාගන්නා ආහාරවල වසවිස නොමැති පරිසරයක් ඉක්මනින්ම තහවුරු කල යුතුය.
හදිසියේ ෆාම් ඔයිල් ආනයනය තහනම් කිරීම තුළ රසකැවිලි රසකැවිලි කර්මාන්තය සම්පූර්ණ වශයෙන් බිඳවැටීමට ලක්වී ඇති බව මාධ්‍ය වාර්ථා සනාථ කරයි.
හදිසි තීරණ ගැනීමට පෙර  අදාළ පාර්ශව සමඟ අදහස් හුවමාරු කරගත්තේනම්, මෙම ගැටළුව ඇතිවන්නේ නැත.
රජයේ නියෝග පැය කිහිපයකින් වෙනස් කරන්නේනම්, ඒය රජයට විශාල අපකීර්තියක් බව බලධාරින් තේරුම්ගත යුතුය.
අද අප රටේ සමස්ත ජනතාවටම බලපාන මෙම කරුණු කාරනා පිලිබදව අප විශේෂ අවධානයක් යොමුකලේ අඩුම වශයෙන් අලුත් අවුරුද්දෙන් පසුව හෝ ජනතාවට යහපතක් සිදුවන ආකාරයෙන් කටයුතු සිදුවිය යුතුව ඇතැයි අප කල්පනා කරන නිසාය.
ජනතාවගේද ප්‍රාර්ථනය එයයි.
එය එසේම වේවා!
ලබන්නා වූ සිංහල හා දෙමළ අවුරුද්ද මේ රටේ සමස්ත ජනතාවටම යහපත් වන්නා වූ කාල පරිච්ඡේදයක් වේවා !
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !”
Scroll to Top