Aboutceylon Online

කෙල්ල වස බී නුවර වැවට පනී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දෙමාපියන් සමඟ ආරවුලක් ඇති කරගෙන වස පානය කිරීමෙන් අනතුරුව අනුරාධපුර නුවර වැවට පැන සිය දිවි නසා ගැනීමට උත්සහ කළ අවිවාහක තරුණියක් දියේ ගිලෙමින් සිටිය දී, එම තරුණියගේ ජීවිතය බේරා ගැනීමට අනුරාධපුර රණසේවා පුර පිහිටි යුද හමුදා කදවුරේ බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු  කටයුතු කළහ.

අනුරාධපුර නගරයට පැමිණ ඇති මෙම තරුණිය වස කුප්පියක් පානය කර පුල්ලෙයාර් හංදිය ආසන්නයේ පිහිටි සොරොව්ව අසලින් දියට පැන ඇති අතර ඇය නුවර වැවේ ගැඹුරු දියට ගසාගෙන යද්දී වැව ආසන්නයේ සිටි පිරිසක් සිවිල් ඇදුමින් සිටි තරුණ නිලධාරින්ට තරුණියක් දියේ ගසාගෙන යන බව දන්වා තිබේ.

එම තරුණිය පැවැත්වූ පෙම් සබධතාව බිදවැටීම හා දෙමාපියන් සමග ඇතිවූ ආරවුලක් නිසා දිවිතොර කර ගැනීමට වස පානය කර නුවර වැවට පැන තිබෙන බව අනාවරණය විය.

Scroll to Top