Aboutceylon Online

අල්ලස් ගිලින ප්‍රධාන පොලිස් පරීක්ෂක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පොලිසිය තුළදීම රුපියල් දසදහසක අල්ලසක් ගැනීමට ගිය වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් නිලධාරීන් අතටම අල්ලා ගැනීමට යාමේ දී මුදල් නෝට්ටු ගිල දැමීම හේතුවෙන් ගම්පහ රෝහළට ඇතුළත් කර ඇත.

අල්ලස වශයෙන් ලබාගත් රුපියල් පන්දහසේ නෝට්ටු දෙකම එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් නිලධාරීන් ඉදිරිපිටම ගිල දැමූ නිසා අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් නිලධාරියා රෝහල් ගත කර තිබේ.

 

Scroll to Top