ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීම අංශ තුනක් යටතේ සලකා බැලූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා පැවසීය. මෙහිදී අදහස් දැක්වූ අරවින්ද මහතා, අපි මේ කමිටුව යටතේ අංශ තුනක් පිළිබඳ සලකා බැලුවා.
ඉක්මනින් පිළියම් යෙදිය යුතු කෙටිකාලීන සැලසුම්, මධ්‍යමකාලීනව පිළියම් යෙදිය යුතු කරුණු හා දිගුකාලීන සැලසුම් යන කාරණායි. මුලින්ම අපිට දැනුනේ අපිට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස පමණක් නෙමෙයි , පුහුණුකරුවෙකු හා පාලකයෙකු ලෙස හොඳ ශක්තිමත් චරිතයක්.විශේෂයෙන්ම ස්වාධීන විය යුතුයි.
ඒකයි අපි ටොම් මුඩි වගේ අත්දැකීම් ඇති චරිතයක් අපේ ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙසින් පත් කර ගත්තේ. අනිත් කාරණය ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කාලයක් කටයුතු කරල තියෙනවා. ඒ නිසා ඔහුට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන අවබෝධයක් තිබෙනවා.
අපි මෙහිදී මුල්තැනක් දුන් කාරණා අතරට අපේ පළමු පෙළ තරග සැකැස්ම තිබෙනවා. මෙහිදී යොවුන් ක්‍රිකට් වගේම පාසල් ක්‍රිකට් දියුණු කිරීම ප්‍රධාන තැනක් ගන්නවා.
ඒ වගේම වර්තමාන ක්‍රීඩක කොන්ත්‍රාත්තු, ඒ වගේම කණ්ඩායමේ සහාය මණ්ඩලය වගේම පුහුණුකරණ දර්ශනය පිළිබඳවත් අපි සලකා බැලිය යුතුයි.
ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් සලකා බැලීම වගේම අපි කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ටොම් මූඩි මහතා, නැවත ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක වැඩ කරන්න ලැබුණ එක ගැන සතුටුයි. ශ්‍රී ලංකාව රටක් ලෙස මට ගොඩක් සමීපයි.
ශ්‍රී ලංකාව ඉන්න තත්වය අනුව ඔවුන්ට නැවත සමාලෝචනයක් හා ගොඩ නැංවීමක් අවශ්‍යයි. අපි පරිස්සමින් දක්ෂ මිනිසුන්ගේ සහය ඇතිව මේ පිළිබඳ සැලැස්මක් සැකසිය යුතුයි. එතකොට නැවතත් අපිට ලෝක මට්ටමින් ඉහළට ශ්‍රී ලංකා ක්‍රිකට් ඔසවන්න හැකිවෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවසුවේ පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා නැවත එම ධුරයට පත් කළ බවයි.