Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මියගොස් මාස 3 ක් ගතවීමෙන් පසු කොරෝනා බව තහවුරු වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළේය ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 561ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් එක් මරණයක් මාවනැල්ල ප්‍රදේශයේ 35 හැවිරිදි අයෙකුගේ වන අතර ඔහු මියගොස් මාස 3 ක් පමණ ගතවීමෙන් පසු මේ ආකාරයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා කොරෝනා බව තහවුරු කර තිබීම විශේෂත්වයකි. පීසීආර් පරීක්ෂණ වාර්තාවල ප්‍රමාදයක් ද නැතිනම් එම මරණය ලැයිස්තුගත කිරීමේ අතපසුවීමක්දැයි දන්වා නැත.

Scroll to Top