ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසන කටයුතු කිරීමට නියමිත කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළටම රැගෙන යෑම තම අරමුණ බව ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා සඳහන් කර සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් වසර 3 ක කාලයක් සඳහා කොන්ත්‍රාත් ගතව සිටින මූඩි මහතා, සිය සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති මංගල මාධ්‍ය හමුවේදී ඉහත කරුණු අනාවරණය කර සිටියේය.