අර්බුද රැසකට මැදිව සිටින විමල් වීරවංශ අමාත්‍යවරයා ශාස්ත්‍රපති බාහිර උපාධියකට සූදානම් වන බව වාර්තා වේ.
විමල් වීරවංශ අමාත්‍යවරයා ශාස්ත්‍රපති බාහිර උපාධිය සම්පූර්ණ කිරීමට සූදානම් වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පර්යේෂණ විෂය මූලික කොටගෙනය.
කථිකාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් ඒ සඳහා වූ දේශන පවත්වන අතර විමල් වීරවංශ අමාත්‍යවරයාද ඊට සහභාගි වීමට නියමිතව තිබේ.
ජනමාධ්‍ය පර්යේෂණ ශාස්ත්‍රපති බාහිර උපාධිය සඳහා පෙනී සිටීමට අවශ්‍ය මූලික සුදුසුකම් අධ්‍යාපනික වශයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා සපුරා නොමැති මුත් බාහිර උපාධියක් කිරීමට අවස්ථාව ලබා දෙන රාජ්‍ය සේවයේ වසර 20 කට වඩා සිටීම යන සුදුසුකම යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාව මෙම උපාධිය සදහා තෝරා ගෙන තිබේ.