ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.
එම තීරණයට අනුව අප්‍රේල් 05 වැනිදා විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වෙන බවත්, එදින පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා කාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දීමටත් තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
දැනට කල් තබා ඇති වාචික ප්‍රශ්න සහ මන්ත්‍රීවරුන්ගේ විමසීමට ඇති අනෙකුත් වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අප්‍රේල් 05 වැනිදා දිනය සම්පූර්ණයෙන්ම වෙන් කර ඇති අතර, එදින පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.
එදිනට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ධම්මික දසනායක මහතා පැවසීය.