බදුල්ල පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ බස්රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් යුවළගේ දරුවන් තිදෙනා භාර ගැනීමට අම්පාර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ ඉදිරිපත් වී ඇත.
දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා හා අම්පාර පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කරයි.
මේ වන විට වෛද්‍යවරයා එක් දරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයේ ගුරුවරියකි.
වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කළේ තමාට මෙම දරුවන් තිදෙනාගේම වගකීම බාරගත හැකි බවයි. දරුවන් තිදෙනාම වෙන්නොකර එකම නිවහනක ජීවත් වීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඔහු කියති.